චෝදනා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා

null

තමාට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට යම් පාර්ශවයක් සමත් වුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

තමාට විවිධ වත්කම් ඇති බව සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත්ව ඇති ඕනෑම පැමිණිල්ලකට පිළිතුරු සැපයීමට තමා සූදානම් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වී ඇති බෙදුම්වාදී අරමුණු ඉටු කිරීමට නව රජය කටයුතු කරමින් සිටින බවද, මූල්‍ය වංචා සම්බන්ධ චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීම ගැටළු සහගත බවද ඔහු අවධාරණය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>