09 May 2015
චෝදනා ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළ පරිදි සිය පවුලට ඩොලර් බිලියන 18ක වත්කම් තිබෙන බවට ඔප්පු කළ හොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මෙලෙස අදහස් පළකර තිබුනේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය.
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසුවේ රාජපක්ෂ පවුලට ඩොලර් බිලියන 18ක වත්කම් පවතින බවයි.
කෙසේ වෙතත් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවේය.