ඡන්දයදා අගවිනිසුරු අරලියගහ මැදුරේ සිටියාදැයි මතක නැහැ

null

ඡන්දය දින රාත්‍රී සිදුවූ බව කියන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන මංගල සමරවීර මහතා රහස් පොලීසියට කළ පැමිණිල්ල අනූව ප්‍රශ්න කිරීමට ගම්මන්පිල මහතා ඊයේ (21) එහි කැඳවා තිබූ අතර අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම එම සිද්ධිය පිළිබඳව අදහස් පල කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හා තමන් එක්ව හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට මංගල සමරවීර ඇමතිවරයා රහස් පොලීසියට පැමිණිලි කර ඇති බවද, එහෙත් තමන් ජීවිතේට කැටපොල්ලක්වත් පාවිච්චි කර නැතැයිද, ඔහු කියා සිටියේය.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි එදා රෑ තමන් අරලියගහ මන්දිරයේ සිටි බවද, පරදින සන්ධානයේ පාක්ෂිකයින්ට ජයග්‍රාහි පාර්ශවයෙන් පහරදීම්, දේපළ ගිනි තැබීම් සිදුවෙතැයි ඇති වූ සැකය මත ඇඳිරි නීතිය පැනවීම ගැන නම් එහිදී කතා වූ බවද ඒ මහතා පවසා ඇත.

එමෙන්ම කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් පාප් තුමාගේ ගමනට හොඳ නැති බැවින් එවැන්නක් ගැන අවධානය යොමු වුණත් එසේ කළහොත් විරුද්ධ පාක්ෂිකයින් කලබල විය හැකි බව ගැනද සාකච්ඡා කළේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මේ අතර අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරණයදා රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ සිටි බවට නිශ්චිතව ප‍්‍රකාශ කිරීමට තමාට මතකයක් නැති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>