ඡන්දයදා සැලසුම් කල ‘කුමන්ත්‍රණය’ ගැන පරීක්ෂණ ඇරඹේ

null

පසුගිය ජනාධිපතිවරණය දා ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී තවදුරටත් බලය රැකගැනීමට අරලියගහ මන්දිරයේ සිදු වූ බව කියන රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනු ලැබිය.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී අදාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට නියමිත බවද වාර්තා වේ.

කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කලේ තමන් කිසිසේත් බලය රැකගැනීම සඳහා කුමන්ත්‍රණ නොකළ බවත්, ජනමතයට ගරු කරමින් නව ජනපතිට ඉඩ ලබාදුන් බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>