ඡන්දයේදී කම්පියුටර් ජිල්මාට් දානවලු

null

සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුගිය ඡන්දයකදී “කම්පියුටර් ජිල්මාට්” මගින් තමාට සිදුවූ අසාධාරණයක් සම්බන්ධව හෙළිකර තිබේ.

ඒ ඊයේ (19) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු ප්‍රකාශ කළේ, මැතිවරණ කොමසාරිස්වරයාට ‘කම්පියුටර් ජිල්මාට්’ දැමිය හැකි බව ය. වැඩිදුරටත් ඔහු සඳහන් කලේ පසුගිය ඡන්දයකදී තමන් ලබාගත් 125777 ඡන්ද කම්පියුටර් ජිල්මාට් දමා අඩු කර ඇති බවයි.

එහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලේ මැතිවරණ කොමසාරිස්වරයාට එවැනි කම්පියුටර් ජිල්මාට් කල හැකිද යන්නයි. එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කලේ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාම තමන්ට මෙලෙස ජිලමාට් දැමු බවත්, පළාත්සභා මැතිවරණයේදී තමන්ට අසාධාරණයක් වූ බවත් ඒවාට ඔහු වගකිවයුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අවශ්‍ය නම් මෙම ඡන්දයේදී ද කම්පියුටර් ජිල්මාට් දැමිය හැකි බව ඔහු පවසයි.

එම වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>