ඡන්දෙ දෙන්නේ කුඩ්ඩෙක්ටද කියලා දැනගන්න ක්‍රමයක්

null

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට තරග කරන අපේක්‍ෂකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක්‌ ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලය සූදානම් වෙයි.

ඕනෑම දේශපාලන පක්‍ෂයක්‌ තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් පිළිබඳ මෙම වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලීමක්‌ කළ හොත් එය ලබා දිය හැකි බව මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ දූෂණ වංචාවන්ට සම්බන්ධ නැති උගත් බුද්ධිමත් අය පමණක්‌ ඉදිරි මැතිවරණවලදී අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරන ලෙස මහනාහිමිවරුන් දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති පුද්ගලයන් සඳහා සහතිකයක්‌ ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලය සූදානමින් සිටින බව දිවයින පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් කල විමසීමකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ තම පක්ෂය මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයට ස්තුතිය පිරිනමන බවත්, එසේම පක්ෂයක් ඉල්ලීම් කරන තුරු බලා නොසිට අදාළ වාර්තාව ප්‍රසිද්ධ කළ හැකි නම් වඩාත් වැදගත් බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>