ඡන්ද ප්‍රචාරණයට ගිය නායකයෙක් දැරියකට අතවර කරලා

null

යක්කලමුල්ල ප්‍රදේශයේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා නිවෙසක් වෙත ගිය ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් නිවසේ සිටි දැරියකට අතවර කිරීමේ පුවතක් වාර්තා වේ.

මෙලෙස දැරියකට අතවර කිරීමේ චෝදනාවට ලක්ව ඇත්තේ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ආනන්ද වික්‍රමනායක යි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් ද වන ඔහු එම නිවසට ගිය අවස්ථාවේ දී 14 හැවිරිදි දැරියගේ අතින් අල්ලා ලිංගික අතවර කළ බවට ඊයේ (15) පොලිසියට පැමිණිල්ල ලැබී ඇති අතර ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>