ඡන්ද පෙට්ටි අද ඡන්ද මධ්‍යස්ථාන වෙත

null

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීම සඳහා අද පෙරවරුවේ සියලූ ඡන්ද පෙට්ටි විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යාමට නියමිත බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඒ සමග අදාල නිලධාරීන් පිටත් කර හැරීමද අද සිදුකෙරේ.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,313 කදී ඡන්ද විමසීම සිදුකෙරෙන අතර, එහි රාජකාරි කටයුතු සඳහා නිලධාරින් එක්ලක්ෂ 50,000 ක් පමණ සේවයේ යොදවන බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ කීර්තිය ආරක්‍ෂා වන පරිදි සිය රාජකාරී අපක්‍ෂපාතීව ඉටු කරන්නැයි සියලූ මැතිවරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් නිලධාරීන් ද සිය සේවය නොබියව ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>