ඡන්ද පෙට්ටි කොල්ල කන්න අවොත් ඔලුවට වෙඩි

null

මෙවර ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වෙන බවට තමාට 100%ක විශ්වාසයක් ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා පිළිගෙන ඇති බව ඔහු සඳහන් කලේ ඊයේ (07) මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලේ නීතිය උලංගනය කරන්නන්ට කිසියම් හෝ සිද්ධියකදී දණහිසෙන් පහලට වෙඩි තියන්න හැකියාවක් ඒ අවස්ථාවේදී තිබෙනවාද යනුවෙනි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි එයට පිළිතුරු දුන් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත්තේ “ඇයි මක්කටෙයි වෙඩි දණහිසෙන් පහලට තියන්නේ, ඡන්ද පොළට ඇවිල්ලා උදුරාගෙන යන්න අවොත් ඔලුවට තියනවා මිසක්. මක්කටෙයි දණහිසෙන් පහලට තියන්නේ? කිසි එකක් නැහැ ඉතා තදින් ක්‍රියාකරනවා. ලංකාවේ පොලිස් නිලධාරියෙක් විසින් පුත්තලම ප්‍රදේශයේදී මිය යන්න වෙඩි තිබ්බා ඡන්ද පොළේ ඡන්ද පත්‍රිකා උස්සන්න ආපු මැරයෙකුට. ඕනෑම කෙනෙකුට පුළුවන් අපේ පොලිසිය අවම බලයද පාවිච්චි කරන බලය මොකක්ද කියලා බලා ගන්න කැමතිනම් ඡන්ද පොළකට ගිහිල්ලා ඡන්ද පත්‍රිකා උදුරන්න හදන්න කියන්න. එතකොට මොකක්ද කියලා ලැබෙන බලය.ඒක කරොත් එයාට අත් දකින්න පුළුවන්, හැබැයි එයාට කියන්න වෙන්නේ මෙහෙදී නෙමෙයි මට ලැබුන දේ. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. සුළුවට තකන්න එපා ලංකාවේ පොලිසිය.” යනුවෙනි.

මේ අතර කුමන හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට කිසියම් හෝ තර්ජනයක් එල්ල වුවහොත් ඡන්දය ගණන් කිරීම වහා අත්හිටුවන බවද ඔහු අවධාරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>