ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇ‍රඹෙයි

null

2015 මහ මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද ආරම්භවීමට නියමිතව තිබේ. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සියලූ විධිවිධාන මේ වනවිට සූදානම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද සිට මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 75,000 කට අධික පිරිසක් යොදවා ඇති බවයි. සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ගිනි අවි ගත් නිලධාරීන් දෙදෙනෙකු යොදවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>