ජංගම දුරකථනයක් භාවිතයට වියදම අවම රට ශ්‍රී ලංකාව
ජංගම දුරකථනයක් භාවිත කිරීමට අවශ්‍ය වන මාසික වියදම අවම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඒ අනුව මෙරට තුළ ඩොලර් 0.97 කින් මාසයක් පුරා ජංගම දුරකථනයක් භාවිත කිරීමට හැකි බවත් අන්තර් ජාතික විදුලි සංදේශ සංගමය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකදී හෙළිවී ඇත.
මේ වන විට ලොව පුරා ජීවත් වන සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් අට දෙනකුම සඳහා ජංගම දුරකථනයක් පවතින බවට ද එම සමීක්ෂණය තහවුරු කොට තිබේ.
ලොව පුරා ජංගම දුරකථන භාවිතය මෙතරම් ඉහළ ගිය ද ඒ සඳහා අවම මාසික වියදමක් සහිත රට ශ්‍රී ලංකාව බවට පත්වන අතර බංගලාදේශය, ඉරානය, පාකිස්තානය, නේපාලය, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, ඉතියෝපියාව සහ සුඩානය යන රටවල් ද එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටී.
අදාළ සමීක්ෂණයට අනුව ජංගම දුරකථනයක් භාවිතයේදී මාසිකව වැඩිම වියදමක් දරන රට වන්නේ තුවාලු රාජ්‍යයයි. එම වියදම ඩොලර් 45.73 කි.
නෙදර්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඇන්ඩෝරා, ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය, ඊශ්‍රායලය, බෙල්ජියම වැනි රටවල් ද මාසිකව වැඩිම දුරකථන වියදමක් දරන රටවල් ලෙස ලැයිස්තුගතව තිබේ.
මෙම සමීක්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත්තේ දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ සහ දත්ත ගාස්තු පදනම් කරගනිමිනි.
(දිවයින)