ජගත් මානව හිමිකම් කොමසාරිස් දිවයිනට

null

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අද පෙරවරු 8.25ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි බව වාර්තා වෙයි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා රජය සිදුකරන ලද ආරාධනයක් පිළිගනිමින් මහ කොමසාරිස්වරයා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. සෙයිද් අල් හුසේන් කුමරු සමග දුත පිරිස 6 දෙනෙකු පැමිණ තිබේ.

සෙයිද් අල් හුසේන් මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පිළිගෙන ඇත.

සිය සංචාරය අතරතුර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම අනෙකුත් රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

ඊට අමතරව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යාපනය, ත්‍රිකුණාමලය සහ මහනුවර ද සංචාරය කරනු ඇති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>