29 Jul 2015
ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගනවා
රටේ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන පවසයි.
කිලිනොච්චි ප්‍රදේශයේ ඊයේ (28) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි ගෙවී ගිය මාස 6 ඇතුළත රටේ විශාල වෙනස්කම් රැසක් සිදුකළ බවත්, සෑම දෙනාටම බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගූ බවත් හෙතෙම අවධාරණය කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් බිහිවන නව ආණ්ඩුව සමඟ එක්ව තමා ඉදිරියේදී පරිවර්තන රැසක් සිදුකරන බවද ජනපති වැඩි දුරටත් සඳහන් කර ඇත.