ජනපතිගෙන් අලුත් පාර්ලිමේන්තුවටත් දින 100ක්

null

අලුතින් පත්වන පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ, දින 100ක් තුළ 20 වන සංශෝධනය සම්මත කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදී ය.

බලයට පැමිණ දින සියයක් ඇතුළත අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නැයි එම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ හා කණ්ඩායම්වලින් තමන් ඉල්ලා සිටින බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඉදිරි මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව ඉදිරියට යා යුත්තේ පිරිසිදු දේශපාලනඥයින් සමග බවත්, වංචා , දූෂණ, අක‍්‍රමිකතා සහ බලය වැරදි ලෙස භාවිතා කිරීම පිළිබඳ චෝදනා ලැබූවන් මැතිවරණයට ඉදිරිපත් කළහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>