ජනපතිගෙන් පලස්තීනයට අමෙරිකානු ඩොලර් මිලියනයක ආධාරයක්

mahinda

යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක ආධාර ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ පලස්තීනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් පිරිනමන බවයි.

මේ පිලිබඳ ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පැවසුවේ ගාසා තීරයට එල්ලවන ගුවන් ප්‍රහාර පිළිබඳව ද ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බව මෙන්ම ගාසා තීරයේ සටන් නැවතී සාමය උදාවනු දැකීම එතුමාගේ අපේක්ෂාව බවය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පලස්තීන – ශී‍්‍ර ලංකා සහයෝගීතා කමිටුවේ ආරම්භක සභාපතිවරයාද වන අතර, ජනාධිපතිවරයාගේ නමින් පලස්තීන ප‍්‍රදේශයක මාර්ගයක්ද නම් කර තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේදී ජෝර්දානය, ඊශ‍්‍රායලය සහ පලස්තීනයේ ජනාධිපතිවරයා ප‍්‍රථම වරට චාරිකාවක නිරතවු අතර පලස්තීනය වෙත දක්වන ලද අඛණ්ඩ සහයෝගීතාව සහ කැපවීම වෙනුවෙන් පලස්තීන රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය වන පලස්තීන තාරකාව සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එහිදී පිරිනැමුණා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>