ජනපතිගේ කටවුට්වලට ආණ්ඩුවේ මුදල් යොදා නැහැ

null

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණය සඳහා දිවයින පුරා බොහෝ ස්ථාන වල ජනාධිපතිවරයාගේ රුව රැගත් පෝස්ටර්, බැනර් සහ කටවුට් දක්නට ලැබේ.

විපක්ෂයේ මැති ඇමතිවරුන් මෙයට චෝදනා කලේ ජනතාවගේ මුදල් අනිසි ලෙස යොදා ගන්නා බව පවසමින්. ඒ අතර පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පවසුවේ පෝස්ටර් සහ කටවුට් වලට වියදම් නොකරන බවත් ඒවාට යන මුදල් වලින් ජනතා අරමුදලක් සාදන බවත්ය.

ඊයේ පස්වරුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියේ පෝස්ටර්, බැනර් සහ කටවුට් සදහා ආණ්ඩුවේ මුදල් භාවිත කර නොමැති බවත්, ඇතැම් පුද්ගලයින් සිය පෞද්ගලික වියදමින් එම ප‍්‍රචාරක පුවරු සවිකර ඇති බවත්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>