ජනපතිගේ කතාව නිසා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක්

null

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ කමිටු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

එම රැස්වීම අද (15) රාත්‍රී 8.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයත් සමඟ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අද හමුවන මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක්වන කරුණු මොනවාදැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>