ජනපතිගේ ජයග‍්‍රහණයට සහය දෙනවා – තිස්ස

null

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන බවට එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ප්‍රකාශ කර තිබේ.

අද පෙරවරුවේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන ලදී.

එහි සඳහන්ව ඇත්තේ මලික්-රවී-මංගල කුමන්ත්‍රණ කල්ලිය තමාට මෙවන් තීරණයක් ගන්නා තැනට වැඩ සැලසූ බවය.

ඉල්ලා අස්වීමෙන් අනතුරුව අද දහවල් අරලියගහ මන්දිරයට පැමිණ ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේ දී එතුමන්ට සහය දෙන බව ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>