ජනපතිගේ ප්‍රථම රැළිය අද අනුරාධපුරයෙන්

null

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අද අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිත බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

එම ජන රැළිය අද පස්වරු 02ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ජන රැළිය සංවිධාන කෙරෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ මූලිකත්වයෙන් වන අතර ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂවල නායකයින් රැසක් සහභාගි වනු ඇත. ඉකුත් දා ආණ්ඩුවට එක් වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ද ඊට සහභාගි වන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනරැළියට සහභාගි වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැලි 27ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු රැලිය වන්නේ අනුරාධපුරයේදී පැවැත්වෙන මෙම ජන රැලියයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>