ජනපතිගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද එළිදකී

null

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (23) එළිදැක්වීමට නියමිතව තිබේ.

උදෑසන 09.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවය ආරම්භ වන බව එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කරයි.

‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ යනුවෙන් එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත.

මේ අතර පොදුඅපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 19 වන දා එළිදැක්වුණු අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එය තමන් ඉදිරිපත් කල අයවැයේ කොපියක් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>