ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

null

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වත්මන් දේශපාලන තත්වය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබේ.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බවත්, මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇති බවත් එමගින් මහජනයාට යහපතක් නොවනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.

ලංකාදීප පුවත්පත වාර්තා කරන පරිදි ජනපති වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපතිවරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිබෙනවා. ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි. මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.

මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරිට අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා.‘
‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර් (ජයවර්ධන) ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි. 2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා. මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බේද බින්න කිරීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. පක්ෂ සභාපති කමෙන් අයින් වෙන්න පියවර ගත්තෙත් නෑ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට එරෙහිව මම ලිඛිතව විරෝධය පළ කළා. මට ඕනෑ මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන පාර්ලිමේන්තුවක්. ජනවාරි අට වැනි දා ඡන්දය ජය ගත්තේ ඒ පොරොන්දුව මතයි. එහි දී පක්ෂය කුමක්දැයි මම කල්පනා කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි. ඔවුන්ගේ සැලසුම වූයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු කර අගමැතිකම ඔහුට බාර දීමයි. ඒ සියලු උත්සාහයන් මා පරාජය කළා. මමට විවේචනයට විවෘතයි. විවේචනය මා අගය කරනවා.

මට ඕනෑ මහා මැතිවරණයක්. ඡන්දයක් දිගා ගැනීමට උත්සාහ කරන පක්ෂයක් නොවෙයි. ජනවාරි අට වැනි දා මම රටට දුන් ප්‍රතිපත්ති පළිපදින රජයක් මට ඕනෑ.
මහින්ද රාජපක්ෂ සමඟ මගේ ඇයි හොඳයියක් නෑ. ඔහුට එරෙහි මගේ ස්ථාවරය එහෙමමයි. එහි වෙනසක් නෑ. මම මහින්ද රජපක්ෂට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ දැන් උත්සාහ කරන්නේ අගමැති වීමටයි. ශ්‍රීලනිපය ඡන්දයෙන් ජයගත්තොත් අගමැතිකමට පත් කිරීම සඳහා ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. මේ ඡන්දයේ දී මම මධ්‍යස්ථව ඉන්නවා.සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට බලධරයනට උදව් කරනවා.
ඔබ වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කරන්න එපා.‘

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>