ජනපතිගේ සොහොයුරා අභාවප්‍රාප්තවෙයි

null

පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ.

පෙරේදා සවස 7ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා එදිනම කොළඹට රැගෙනවිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ. ඒ මහතාට පැය කිහිපයක ශල්‍ය කර්මයක්ද එහිදී සිදු කර තිබුණි.

පහරදුන් සැකකරු එදිනම රාත‍්‍රී පොලිසියට භාර වූ අතර ඊයේ එම සැකකරු ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා ඇත. පහරදීම සඳහා යොදාගත් බව කියන පොරව ද විමර්ශනවලදී සොයා ගෙන තිබේ.

null

pics – අද දෙරණ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>