ජනපතිටත් නඩු පැවරිය හැකි නව සංශෝධනයක් ගේනවා

null

ජනාධිපතිවරයාටත් නඩු පැවරිය හැකි නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවද, නීතිය ආදිපත්‍යයත් රාජ්‍ය කටයුතු වල විනිවිධබාවයක් තුළින් ස්ථාවර රටක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (28) මොණරාගල ප‍්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත. “2010 න් පසු මහින්ද රාජපක්‍ෂ මහතා රට තුළ දූෂිත පාලනයක් ගෙනගියා. නිදහස් පක්‍ෂය තුළ තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ඔහු අමතක කළා. රාජ්‍ය අංශයේ සේවයකයන්ට ස්වාධීනව තම කටයුතු කරගෙන යාමට නොහැකි වුණා. සාමාන්‍ය ජනතාව ගැන නොසිතා කටයුතු කරමින් සිටියා. නමුත් ජනාධිපතිවරණය වෙනුවෙන් තෙල් මිල ගෑස් මිල අඩුකරනු ලැබුවා. නමුත් රටේ ගොවිජනතාවගේ ආර්ථිකය ගැන සැලකිලිමත් වූයේ නැහැ. අද ගොවීන් වකුගඩු රෝගීන් බවට පත්වෙලා. විෂ සහිත කෘමිනාශක ඉවත් කිරීමට රාජපක්‍ෂ පාලනය කටයුතු කළේ නැහැ.”

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>