ජනපතිට සහ හිටපු ජනපතිට ජීවිත තර්ජන

null

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට අන්තවාදී සහ රැඩිකල් කොටස්වලින් ජීවිත තර්ජන එල්ලවී ඇති බවට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දක්වා තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යොමුකළ පැනයකට මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා සභාගත කළ ලේඛනයකයි මේ බව දක්වා ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට විශ්‍රාම යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 138 දෙනෙකු යොදවා තිබූ බවත් වර්තමානයේ එම සංඛ්‍යාව 66 දක්වා අඩුකර ඇති බවත් එහි දැක්වුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 102 ක් විශ්‍රාම යන අවස්ථාවේදී ආරක්ෂාව සඳහා යොදවා තිබූ බවත් අද වනවිට එම සංඛ්‍යාව 105 දක්වා ඉහළ නංවා ඇති බවද එමඟින් දක්වා තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>