ජනපතිවරණයට නාම යෝජනා භාරගැනීම අද
ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු නවයට රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතය.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා මෙසේ පවසා ඇත,
2015 ජනවාරි මස 8 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීම අද දින (දෙසැම්බර් 8* රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි. නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට පෙරවරු 9 සිට පෙරවරු 11.30 දක්වා කාලය තුළ හැකියාව ලැබෙනවා. එම කාල සීමාවෙන් පසුව භාරදෙන ලද නාමයෝජනා පත්ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඒ සම්බන්ධව පිළිගත් හෝ ප්රතික්ෂේප බව ප්රකාශ කිරීමට නියමිතයි. ඉන් අනතුරුව පිළිගත් නාමයෝජනා සම්බන්ධයෙන් පිළිගත් දේශපාලන පක්ෂ සඳහා අනුමත ලකුණුත්, ස්වාධීන කණ්ඩායම් සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත අනුමත ලකුණුත් වෙන් කිරීමට නියමිතයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා පක්ෂ 17කින් සහ ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඔවුන් සියලු දෙනා අද දිනයේ දි නාම යෝජානා බාරදීමට නියමිතය.
මේ අතර රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාල පරිශ්රය අවට ආරක්ෂාව තර කර ඇති අතර, විශේෂ රථවාහන සැලැස්මක්ද කි්රයාත්මක බව පොලීසිය පවසයි.