ජනපතිවරණයට රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සුභ පැතුම්

null

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 18 වන සාක් සමුළුව ඊයේ අවසන් විය. එයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණ තිබේ.

සමුළුව අතරවාරයේදී සාක් රටවල නායකයන් සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත තේරී පත්වීමට සාක් රාජ්‍ය නායකයින්ගෙන් උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.

රජයේ නිල පුවත් සේවයේ සඳහන් පරිදි,

මාල දිවයින් ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් “මැතිවරණය කැඳවීම පිළිබඳ ශුභාශිංසන. අපගේ හෘදයාංගම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව පෙර අවස්ථාවල දී මෙන් ම විජයග්‍රහණයක් තුළින් ඔබ නැවත තේරී පත්වීමයි. මෙය කිසිසේත් ම ඔබට අපහසු කර්තව්‍යයක් විය නො හැකියි”

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී “ජනාධිපති රාජපක්ෂ ළඟදීම එකකට යනු ඇත (නැවත තේරී පත්වීම), මම ඔහුට සුබ පතනවා”

භූතාන අග්‍රාමාත්‍ය ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි “ඔබට මාගේ සුබ පැතුම් අවශ්‍ය වන්නේ නැහැ නමුත් මම ඔබට සුබ පතනවා, ඔබ දිනන බව මා දන්නවා.”

නේපාල අග්‍රාමාතය සුෂිල් කොයිරාල “අපි ඔබව නැවත ජනාධිපති ලෙස දකීවී” යනුවෙන් එලෙස සුභ පැතුම් එක්කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>