ජනපතිවරණය නිසා භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ගැටුමක්
පොළොන්නරුව – කඳුරුවෙල ප‍්‍රදේශයේදී ඊයේ (30) දහවල් භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ භික්ෂූන් වහන්සේ ඇතුළු දෙපිරිසක් අතර මේ තත්ත්වය ඇති වූ බව පොලිසිය පවසයි.
පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපය අසලින් භික්ෂු සංවිධාන එකමුතුව මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පොළොන්නරුව පොළ භූමියේ සිට කඳුරුවෙල නගරය දක්වා අත් පත්‍රිකා බෙදමින් පා ගමනින් පැමිණ තිබේ.
එහිදී ජනාධිපතිතුමාට සහය දක්වන භික්ෂු සංවිධාන එකමුතුවේ නියෝජිතයින් කදුරුවෙල නගරයට පැමිණීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන භික්ෂූණ් වහන්සේ ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබේ.
වම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කළ භික්ෂූන් වහන්සේලාගෙන් අදහස් විමසමින් සිට ඇති අතර ඒ අතරතුර භික්ෂූන් වහන්සේලා දෙපිරිස අතර උනුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර උන්වහන්සේලා විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වීඩියෝ දර්ශන ඇතුළු සාක්ෂි විමසා බලමින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.