ජනපති අද පකිස්ථාන ජනපති හමුවෙයි

null

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (05) පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරච්චි නුවරට ළඟා වී තිබේ.

ඊයේ පස්වරු 1.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යු.එල්.183 දරණ සාමාන්‍ය මඟි ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නිල සංචාරයේ යෙදෙන්නේ පාකිස්තාන ජනාධිපති මම්හුන් හුසේන් මහතාගේ ආරාධනයක් පරිදි ය.

ජනපතිවරයා අද (06) පාකිස්තාන ජනපති මම්නූන් හුසේන් මහතා හා එරට අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡා අතරතුළදී ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයක් සඳහා අත්සන් තැබීමටද නියමිතය.

ඊට අමතරව පකිස්තාන කථානායකවරයා, ආරක්‍ෂක අමාත්‍යවරයා සහ එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමගද ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>