ජනපති අද පාප් වහන්සේ හමුවෙයි

null

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයක් මත වතිකානුවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රෝමය බලා පිටත්ව ගියේය.

අද වතිකානුවේදී ජනාධිපතිතුමා පාප් වහන්සේ බැහැදැකීමට නියමිතය.

පාප් වහන්සේ සමග සාකච්ඡාවෙන් අනතුරුව ජනධිපතිවරයා බැසිලිකා දෙව්මැදුර සහ තවත් කෞතුකාගාරයක් නැරඹීමට යාමට නියමිතය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස හෙට දිනයේ දිවයිනට පැමිණිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා පාප් වහන්සේ මුණගැසෙන දෙවන අවස්ථාව මෙයයි. ජනවාරි 8 වනදා ජනාධිපතිධූරයට පත්වී දින පහකට පසුව කොළඹට පැමිණි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගත්තේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>