17 Feb 2015
ජනපති අද බුද්ධගයා වන්දනාවේ යයි
ඉන්දියාවේ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (17) බුද්ධගයාවේ සහ තිරුපති දෙවොල වන්දනා කිරීමට නියමිතය.
ඉන්දියාවේ සිව් දින සංචාරයක නිරත වන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඊයේ (16) හමුවිය.
එම හමුවේ දී දෙරට අතර ආර්ථික, බලශක්ති, ධීවර හා සංස්කෘතික සබඳතා තර කෙරෙන ගිවිසුම් හතරකට ද අත්සන් තබනු ලැබුණි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ලබන මාසයේ තමා ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී තහවුරු කළේය.
සිව් දින නිල සංචාරය නිමකරමින් හෙට දිනයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණීමට නියමිතය.