ජනපති ආරක්ෂක අංශයේ 4ක් රිය අනතුරකින් මරුට

null

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ අද (10) පෙරවරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් ගමන් කළ ඩිෆෙන්ඩර් රථය යාගොඩමුල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ඉස්සර කරන්නට යාමේදී අනෙක් බස් රථය ඉදිරියෙන් පැමිණ ඇති බවත්, අනතුරුව බස් රථ දෙකට මැදිව ඩිෆෙන්ඩර් රථය ගැටී ඇති බවත් සඳහන්ය.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක් දෙදෙනා පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මියගිය හතරදෙනා අතර කාන්තාවක්ද වන බව මිනුවන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. අනතුරෙන් තුවාල ලැබූ තවත් පස් දෙනෙකු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මොවුන් නිකවැරටිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට මුහුණදී ඇති බව ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කර ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි ගලෙන්බිඳුණුවැව පදිංචි උ.පොලිස් පරීක්ෂක ෂෙල්ටන් සිල්වා(50), මහනුවර පදිංචිව සිටි පො.කො ප්‍රේමදාස (21) සහ මාහෝ හි පදිංචිව සිටින කාන්තා පො.කො ඉසුරු ඉඳුනිල් (21),රියදුරු පුෂ්පකුමාර (31) යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

එම අනතුරේ CCTV දර්ශන පහතින්…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>