ජනපති ආරක්ෂක ලේකම්ගෙන් නිදහසට කරුණු අසයි

null

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන්, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී. බස්නායක සිදුකළ ප‍්‍රකාශයක් පිළිබඳව ජනාධිපතිවරයා ඔහුගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකශ කළේය.

පසුගිය දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් රුපියල් මිලියන 7500 කට ආසන්න මුදලක් තිබෙන බැංකු ගිණුමක් පසුගියදා මුදල් අමාත්‍යංශය යටතට පත්කළ බව පවසා සිටියේය.

නමුත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කර තිබෙන චෝදනාවන් වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතා ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු සඳහන් කර තිබෙන්නේ මෙම ගිණුම භාවිතා කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය බවත් එය ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් පුද්ගලික ගිණුමක් නොවන බවත් ය.

අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිඉසෙන මහතා ඔහුගෙන් මෙලෙස නිදහසට කරුණු විමසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>