ජනපති ආරක්ෂාවෙන් PSD ඉවතට – STF කැඳවයි

null

ජනාධිපතියාගේ ආරක්‍ෂාව සදහා දැනට යොදවා සිටින ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති ආරක්ෂක අංශය කඩින් කඩ විසුරුවා හැරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. සති දෙකක් ඇතුළත එම කටයුත්ත සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය.

පී.එස්.ඩීයේ සේවය කළ පිරිස පන්දහසක් පමණ බව පැවසෙන අතර ඔවුන් පොලිස් ස්ථානවලට අනුයුක්ත කෙරෙන බව සඳහන්ය.

අද දින (10) සිට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, නොයෙකුත් ආරක්ෂක හේතූන් මත මෙම තීරණයන් ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>