ජනපති ඇතුළු කිසිවෙකු යුධාධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව මෛත්‍රී කියයි

null

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු හෝ යුද විරුවන් කිසිවෙකු යුධාධිකරණ වෙත රැගෙන යාමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කරන පරිදි අද උදෑසන කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම තමන් බලයට පත්වූ විට 2015 අය වැයෙන් ජනතාවට දුන් සහන නැති කරන බවට කියන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, ජනතාවට දුන් සහන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන අතරම දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු නවත්වන්නේ නැති බවත්, හෙතෙම පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් නගර ගම් දනව් සිසාරා ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බැවින් සීගිරි ගලේත්, සමනල කන්දේත්, සිංහරාජ වනයේත් කටවුට් ගහන්න ඕනෑ යැයිද ඔහු කියා සිට ඇති අතර රජයේ මුදල් වැය කරමින් රාජ්‍ය සම්පත් යොදාගනිමින් සිදුකරන මෙම ප්‍රචාරණයට තම අප්‍රසාදය පළ කරන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

එමෙන්ම සිය මැතිවරණ ව්‍යාපාරයේදී කටවුට් සහ පොලිතින් භාවිත නොකරන බවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී පොරොන්දුවක් ලබා දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>