ජනපති ඇතුළු 60ක් තායිලන්තයට

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (01) පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ. ඒ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 882 යානයෙන්.

සිව්දින නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා තායිලන්තය බලා පිටත්ව ගියේ එරට අග‍්‍රාමාත්‍ය ජනරාල් ප‍්‍රයුත් චාන් ඕචා මහතාගේ විශේෂ ආරාධනයක් අනුවයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී හැට වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සඳහා සහභාගිවීමට තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එලෙස ආරාධනා කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සංචාරයට සහභාගීවන දූත පිරිස 60ක්. ශ්‍රීලංකා – තායිලන්ත මිතුරු සම්බන්ධතාවට වසර 60ක් සපිරීම වෙනුවෙන් මෙම දුත පිරිස දින හතරක සංචාරයේ නිරතවෙනු ඇති.

මේ නිමිත්තෙන් ඓතිහාසික මහියංගණ රජමහා විහාරයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනයක්ද තායිලන්තයේ පැවැත්වේ. ඒ තායිලන්තයේ බුද්ධ මන්තන් විහාරස්ථානයේදීයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>