ජනපති එකවර දෙතැනක

null

ඉදිරි ජනාධිපතිවරණ නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා ජන රැළි පැවැත්වේ. බොහෝ විට දිනකට එලෙස පැවැත්වෙන ජන රැලි කිහිපයකටම ජනපතිට සහභාගී වීමට සිදුවේ.

මේ හේතුවෙන් ලංකාවේ පළමු වරට ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් “Hologram” තාක්ෂණය ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ.

සරලව සඳහන් කළහොත් මෙම තාක්ෂනය ඔස්සේ එකවර දෙතැනක සිටීමේ හැකියාව ඇත.

නෙත් නිව්ස් සඳහන් කරන පරිදි මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක.

ලොව පුරා බොහෝ රාජ්‍ය නායකයින් මෙම තාක්ෂනය භාවිත කරන අතර මෙමගින් එකවර ජනරැලි කිහිපයකටම පෙනී සිටීමේ හැකියාව ලැබේ.

ඉතා මිල අධික වූ මෙම තාක්ෂනය සඳහා ආයෝජනය කොට ඇත්තේ “ශිෆ්ට් සොලුයුෂන්ස්” නම් සමාගමක් විසිනි.

ඊයේ (15) දිනයේදී පළමුවරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා Hologram තාක්ෂනය යොදාගනිමින් රත්නපුර ජන රැලිය අමතා තිබේ.

Hologram තාක්ෂනය ක්‍රියාත්මක වන අයුරු

null
null
null
null

ඡයාරූප – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>