ජනපති එනමග පිස්තෝලයක් පාදයක බැඳගත් පුද්ගලයෙක්

null

අවිගත් පුද්ගලයෙක් ජනපති එන මඟ පර්යන්තයේ රැඳී සිටියදී ගුවන් තොටුපල ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. අදාළ පුද්ගලයාගේ පාදයක මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් රඳවාගෙන සිටි බව සඳහන්.

අද උදෑසන මෙම පුද්ගලයා හමු වී ඇත. ඔහු ගුවන්තොටුපල රේගු භාරයේ රඳවා ප්‍රශ්න කර ඇති අතර පසුව හෙළිව ඇත්තේ මෙම පුද්ගලයා සිවිල් ගුවන්සේවා අධිකාරියේම නිලධාරියෙකු බවයි.

එහි සභාපති ආනන්ද විමලසේන මහතා සඳහන් කළේ සාමාන්‍ය පරිදි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙවැනි පරික්ෂා කිරීම් සිදුවන බවයි.

මේ ආකාරයෙන් ගුවන් තොටුපොළ තුළ සිය නිලධාරීන් විවිධාකාරයෙන් යොදවා ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරේ.

ඒ අනුව අද පෙරවරු 9.00ට පමණ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සිය පාදයේ සඟවා ගත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිිලධාරියා ගුවන් තොටුපොළ මගී පර්යන්තය හරහා ගමන් කරද්දී අත්අඩංගුවට පත්ව තිබුණි.

එම අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ඉතාලි සංචාරය නිමවා දිවයිනට පැමිණ ගුවන් තොටුපොළ මගී පර්යන්තය හරහා පිටතට පැමිණෙමින් සිට ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>