25 Jul 2015
ජනපති එන්න පෙර ශිෂ්‍ය භටයාගේ තුවක්කුවේ උණ්ඩයක් සොයාගනී
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අද (24) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ත්‍යාග ප්‍රධාන උත්සවයට මත්තෙන් ශිෂ්‍ය භටයෙකුගේ ගිනි අවියක තිබී උණ්ඩයක් සොයාගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ මෙම ගිනි අවි හමුදා කඳවුරකින් ශිෂ්‍ය භටයින්ට ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බලකාය ජනාධිපතිවරයා පැමිණීමට පෙර මෙම ගිනි අවි පරීක්ෂා කළ අවස්ථාවේදී අදාළ උණ්ඩය සොයා ගෙන තිබුණි.
ශිෂ්‍යභටයා සතුව තිබූ එම ගිනි අවියේ උණ්ඩයක් තිබුණේ කෙසේදැයි යන්න පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.