ජනපති කොස්ලන්දට යයි

null

කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදුවු නායයෑමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (30) පෙරවරුවේ එම ප‍්‍රදේශයේ සංචාරයක නියැලුණේය. විපතට පත් ජනතාව රඳවා සිටින කොස්ලන්ද – ශී‍්‍ර ගනේෂා දෙමළ විද්‍යාලයට ගිය ජනාධිපතිවරයා එම ජනතාව සමඟ සාකච්ඡා කර සහන සේවා කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවද සොයා බැලූ අතර බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා ඇතුළු නිලධරයන් සමඟද සාකච්ඡා කර තිබේ.

එහිදී අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. විශේෂයෙන් දෙමාපියන් අහිමිවූ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නංවන ලෙස ද මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

නායයාමට ලක්වූ පස් කන්ද ඉවත් කර දෙන ලෙස මීරියබැද්ද ගම්මානයේ ජනතාව මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඊට ප‍්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා කියාසිටියේ පස් කන්ද ඉවත් කිරීමෙන් නායයෑමේ අවදානම තවදුරටත් වැඩිවිය හැකි බවයි. ඒ සදහා විශේෂඥ උපදෙස් ලබාගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා කියාසිටියේය.

මේ අතර නායයාම්වලින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා ඉන්දියාව සහ අමෙරිකාව මේ වනවිටත් ඉදිරිපත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල්වලට නිවාස ලබාදීමට ජන සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ මැදිහත් වීමක් සිදුකරන බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ අද ප‍්‍රකාශ කළේය. අමාත්‍යවරයා කියා සිටියේ අහිමි වූ නිවාස පිළිබඳ කඩිනමින් තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>