ජනපති දිනුවොත් රටටම WiFi – නිවසේ සිටම අන්තර්ජාල රැකියා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම ප්රතිපත්ති ප්රකාශය ඊයේ (23) එළිදක්වනු ලැබුවේය.
එය නම් කර තිබුනේ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ යනුවෙනි.
එම ප්රතිපත්ති ප්රකාශයේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ. ඒ අනුව එම ප්රතිපත්ති මාලාවේ 12 වන කොටසේ “තුරුණු හෙටක් – පිරුණු රටක්” යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වේ.
එමෙන්ම තරුණ තරුණියන් උදෙසා නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකර දෙන බවත් සඳහන්. ඒ ධන ජනනී අන්තර්ජාල වැඩසටහන් හඳුන්වදෙමිනි.
එහිදී අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවාවන් සැපයිය හැකි පිරිස ලියාපදිංචි කර එකී සේවා ඇති පිරිස් අදාල සේවා නිවසේ සිටම ලබාදෙමින් අවම වශයෙන් රුපියල් 25000 ක මුදලක් උපයාගැනීමට හැකි තත්වයක් උදා කරන බවද එහි සඳහන්.