31 Dec 2014
ජනපති දුරකථනයෙන් බැණ වැදුනා – හිරුණිකා
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැති කාන්තා සමුළුව අමතමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සඳහන් කලේ එවක තමන් කතා පැවැත්වීමෙන් පසු ජනපති දුරකථනයෙන් අමතමින් බැණවැදුණු බවයි.
සිය පියාගේ අවසන් කටයුතු සිදුකළදින කතාවෙන් පසු ජනපතිවරයා එලෙස තමන්ට බැණ වැදුණු බවත්, තමා සහ මව ගෙදරින් පන්නා දමන්නැයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හට උපදෙස් ලබාදී තිබුණු බවත් ඇය මෙහිදී හෙළි කල බව අද පුවත් වාර්තා කරයි.
අනවශ්‍ය කතා පවත්වමින් ආණ්ඩුව පෙරළන්න හදවාදැයි ඒ සමයේ ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කර බැන වැඳුණු බවද ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.