ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගිවිසුම් 6කට අත්සන් තැබේ

null

තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අතර හමුව අද (06) පැවැත්විණි.

එහිදී පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ගිවිසුම් 06කට ද අත්සන් තබන ලදී.

එලෙස අත්සන් තැබූ ගිවිසුම් 6 පහතින්…

  • පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක‍්‍රමෝපායන් අධ්‍යයන පිළිබඳ ලක්‍ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානය අතර හුවමාරු සහ සහයෝගිතා අධ්‍යයන ගිවිසුම.
  • මත්ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නීති විරෝධි ලෙස ප‍්‍රවාහනයට එරෙහිව ක‍්‍රියාකිරීම.
  • මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුම.
  • ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ද දෙරටේ නැව් සංස්ථා අතර ගිවිසුමක්ද වේ.
  • ලංකාවේ පරමාණුක බලශක්ති සහ පාකිස්තානයේ පරමාණුක බලශක්ති කොමිසන් සභාව අතර අදාල ක්ෂේත‍්‍රයේ සහයෝගිතා ගිවිසුම.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මංගල සමරවීර සහ ඒ.එච්.එම් ෆවුසි යන අමාත්‍යවරුන් ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>