15 Feb 2015
ජනපති ඉන්දීය සංචාරය අරඹයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කරමින් අද(15) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන්නේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය.
ලබන 18 වන දා දක්වා එරට සංචාරයේ නිරත වන මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ඉන්දීය ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සංචාරයේදි දෙරට අතර ද්වීපාර්ශවීය ගිවිසුම් කිහිපයකට ද එළැඹීමට නියමිතව ඇති බව ය.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයාවේ සහ තිරුපතිහි සංචාරය කිරීමට ද සැලසුම් කර තිබේ.