ජනපති – පාප් වහන්සේ හමුව අද

null

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (03) වතිකානුවේ අපෝස්තොලික මාලිගයේදී ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමට නියමිතව තිබේ.

එහිදී ලබන වසරේ ජනවාරියේ ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ජනාධිපතිවරයා විසින් නිල ආරාධනාව පිරිනැමීමට නියමිතයි.

පසුව ජනාධිපතිවරයා වතිකානුවේ රාජ්‍ය ලේකම් සහ අගමැති අති උතුම් පියෙත්ත්‍රෝ පැරොලින් කාදිනල්තුමා ද හමුවීමට සැලසුම් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ෆියුමිසිනෝ ගුවන් තොටුපළෙන් රෝමය වෙත ළගා වුණි. චාරිකාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ද එක්ව සිටින අතර අගවිනිසුරු මොහාන් පීරිස්, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු රජයේ අමාත්‍යවරුන් මෙන්ම විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටි.

රෝමයේ රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සහ යුරෝපා සංගමයට අයත් රටවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයින් ඇතුළු නියෝජිතයින් ද හමුවීමට නියමිත බවද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>