ජනපති බි‍්‍රතාන්‍ය අගමැති හමුවෙයි

null

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත‍්‍රී බි‍්‍රතාන්‍ය අගාමාත්‍ය ඬේවිඩ් කැමරන් මහතා හමුවී තිබේ. ලන්ඩන් නුවර ඩවුන් වීදියේ අංක 10 දරණ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී මෙම හමුව සිදුවු තිබේ.

එහි දී ද්වීපාර්ශවික කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව නව මාවතක් ඔස්සේ ගමන් ගැනීම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබේ.

ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම ආධාරයක් නොපැකිලිව ලබා දෙන බවද ඬේවිඞ් කැමරුන් මහතා ප්‍රකාශ කර ඇත.

උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබාදීමටත්, සංහිඳියාව ගොඩනැගීම සඳහා ප්‍රතිසන්ධාන කාර්ය බලකායක් පිහිටුවීමටත් පියවර ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>