ජනපති බෝආ සමුළුව ඇමතූ අයුරු

null

චීනයේ සංචාරයකට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද චීනයේ ශැංහයි නගරයේ පැවැත්වූ ආසියානු බෝආ සමුළුව අමතන ලදී.

ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

ආරාධිත දේශනය පවත්වමින් හෙතම වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළේය…

“ආසියානු ජනතාවගේ සමෘද්ධිය හා සංවර්ධනය පිළිබඳ පොදු ඉලක්ක කරා ලඟා වීමේ ප්‍රවේශයක් ලෙස මෙම සමුළුව වැදගත්. මෙවර සමුළුවේ තේමාව ආසියාවේ නව අනාගතය උදෙසා පොදු අරමුණක් සහිත ප්‍රජාවක් යන්නනයි. එය කාලානුරූපිව වැදගත්. ලෝක ජනගහනයෙන් 60%ක් එනම් බිලියන 7.2ක් ජීවත් වන්නේ ආසියානු රටවල එමෙන්ම මෙය ලෝක ජනගහනයෙන් බහුතර දුගී ජනතාවගේ වාසස්ථාන පිහිටි කලාපයයි. මේ නිසා ආසියානු රටවල පිබිදෙන සමෘද්ධියට සාපේක්ෂව විශාල නාස්තියක් හා අනවශ්‍ය වියදම් සිදුවෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් දින උත්සවයේදී මම මගේ රටේ ජනතාව දැනුවත් කළා. මම මගේ රටේ ජනතාවට පොරොන්දු වුණා. ආදායම් පරතරය සහ දුප්පත්කම තුරන් කිරීම අප රජයේ මූලික අරමුණයි.”

පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය සහ අනාගතය යන්න මෙවර බෝආ සමුළුවේ තේමාව වෙයි. මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩනය, රුසියාව ඇතුළු රටවල් 15ක රාජ්‍ය නායකයින් සහභාගී වුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>