ජනපති මගී ගුවන් යානයකින් ඉන්දියාවට

null

සිය ප‍්‍රථම විදෙස් නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

අද දහවල් 2.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිත්‍ය කාලසටහනට අයත් UL 195 මගී ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත්වයාම විශේෂත්වයකි.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර (ඉන්දියාවේදී එකතු වනු ඇත), අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

ජනාධිපතිවරයා ලබන 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ජනපතිවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි ඇතුළු ඉන්දීය රජයේ ඉහළපෙලේ රාජ්‍ය තාන්ති‍්‍රකයන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>