25 Dec 2014
ජනපති මුදල් දුන් කතාව බොරුවක් – කුමාර් සංගක්කාර
ඉදිරි ජනාධිපතිවරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහය පලකිරීමට තමන්ට මුදල් ලබාදුන් බවට කෙරෙන ප්‍රචාරයන් අසත්‍ය බව ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.
ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සටහන් කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ මෙම අසත්‍ය පුවත් ඇසීමෙන් තමන් පුදුමයටත් කලකිරීමටත් පත්වූ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සදහා සහය පල කිරීමට තමන්ට ආරාධනා නොකළ අතර කිසිසේත්ම තමන්ට මුදල් ලබා නොදුන් බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන ලෙස සැමගෙන් ඉල්ලන බවත් ඔහු එහි සටහන් කර තිබේ.