ජනපති මෛත්‍රීගෙන් සංගාට තනතුරක්

null

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර පත් කර තිබේ.

ඊට අදාළ අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නිල නිවසේ දී කුමාර සංගක්කාර වෙත ලබාදී ඇත.

ජාත්‍යන්තර සහය ද ලබා ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යන බවත්, ඒ සඳහා නව තාක්ෂණය ද උපරිම ලෙස යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස තානාපති ධුරය පිළිගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් කුමාර සංගක්කාර සඳහන් කර ඇත්තේ මහත් සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන්කර දැමීම සඳහා රජයට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>