ජනපති මෛත්‍රී අද ඉන්දීය ජනපති සහ අගමැති හමුවෙයි

null

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(16) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

ඊයේ (15) ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රී රාධකි‍්‍රෂ්ණන් සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයිකේ සිංහායි.

ඊයේ පස්වරුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ තැන්පත් කර ඇති අවලෝකිතේෂ්වර බෝධි සත්ව ප්‍රථිමාව නිරාවරණය කිරිම සඳහා සහ පුෂ්ප උපහාර දැක්විම සඳහාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වී තිබේ.

මේ අතර අද දිනයේ ඉන්දිය ජනාධිපතිවරයා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දිය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය මුණගැසිමට නියමිතය.

මෙම නිල සංචාරයේදී දෙරටටම වැදගත් වන ආරක්ෂක, ආර්ථික සහ සමාජීය එකඟතාවයන් රැසකට එළැඹීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක, සෙයිද් අක්බරුදීන් සඳහන් කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට ද මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිත බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>